ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 10:3 - Sinhala Revised Old Version

මමද ෂිට්ටීම් ලීවලින් පෙට්ටියක් සාදා, පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපා, ලෑලි දෙක මාගේ අතින් රැගෙන, කන්දට නැගුණෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මම ද ෂිටිම් ලීයෙන් කරඬුවක් සාදා, කලින් තිබූ පුවරු හා සමාන ගල් පුවරු දෙකක් කපාගෙන ඒ පුවරු දෙක අතට ගෙන කන්දට නැංගෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මම ද ෂිටිම් ලීයෙන් කරඬුවක් සාදා, කලින් තිබූ පුවරු හා සමාන ගල් පුවරු දෙකක් කපාගෙන ඒ පුවරු දෙක අතට ගෙන කන්දට නැංගෙමි.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 10:3
7 හුවමාරු යොමු  

ඔව්හු ෂිටිම් ලීවලින් පෙට්ටියක් සාදත්වා. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වියයුතුය.


රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;


මෝසෙස් පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපා ගත්තේය; ඔහු උදෑසන නැගිට තමන් අතින් ගල්ලෑලි දෙක රැගෙන ස්වාමීන්වහන්සේ අණදුන් ලෙස සීනයි කන්දට නැගුණේය.


පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා පිත්තලෙන් වැසුවේය.


ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපාගෙන මා වෙතට කන්දට නැගී එන්න, ලීයෙන් පෙට්ටියක්ද සාදා ගන්න.


එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.