ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 1:44 - Sinhala Revised Old Version

එවිට ඒ කන්දේ විසූ අමෝරිවරු නුඹලාට විරුද්ධව පිටත්ව අවුත් මීමැස්සන් කරන්නාක් මෙන් නුඹලා එළවාදමා සේයිර්හිදී හොර්මා දක්වාම නුඹලාට පහරදුන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට කඳුකරයේ විසූ අමෝරිවරු මීමැසි රැළක් සේ ඔබට විරුද්ධ ව පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් සේයිර් දේශයේ හොර්මා නම් ස්ථානයේ දී ඔබ පරාජය කළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට කඳුකරයේ විසූ අමෝරිවරු මීමැසි රැළක් සේ ඔබට විරුද්ධ ව පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් සේයිර් දේශයේ හොර්මා නම් ස්ථානයේ දී ඔබ පරාජය කළෝ ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 1:44
7 හුවමාරු යොමු  

ඔව්හු මීමැස්සන් මෙන් මා වටකළෝය; කටු දර ගින්නක් මෙන් නිවීගියෝය. ස්වාමීන්ගේ නාමයෙන් ඔවුන් සිඳදමන්නෙමි.


ඒ දවසෙහි, ස්වාමීන්වහන්සේ මිසරයේ ගංගාවල් අසබඩ ඉන්න මැස්සන්ටත් අෂූර් දේශයෙහි ඉන්න මීමැස්සන්ටත් සංඥාකර හඬගසාගන්නවා ඇත. උන් සියල්ලෝම ඇවිත්,


එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී.


ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.


ඔවුන්ගේ පර්වතයාණෝ ඔවුන් නොවික්ක සේක් නම්, ස්වාමීන්වහන්සේ ඔවුන් පාවානුදුන්සේක් නම්, එක්කෙනෙකු විසින් දහසක් පන්නාදමන්නෙත්, දෙදෙනෙකුන් විසින් දසදහසක් එළවන්නෙත් කෙසේද?


හායි නුවර මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් තිස් හදෙනෙක් පමණ මැරුවෝය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගොස්, පල්ලමේදී ඔවුන්ට පහරදුන්නෝය. එවිට සෙනඟගේ සිත් දියවී ගොස් වතුර මෙන් වුණේය.