Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 32:30 - Sinhala Revised Old Version

30 ඔවුන්ගේ පර්වතයාණෝ ඔවුන් නොවික්ක සේක් නම්, ස්වාමීන්වහන්සේ ඔවුන් පාවානුදුන්සේක් නම්, එක්කෙනෙකු විසින් දහසක් පන්නාදමන්නෙත්, දෙදෙනෙකුන් විසින් දසදහසක් එළවන්නෙත් කෙසේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 32:30
21 හුවමාරු යොමු  

නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද නුඹලාගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ නුඹලාගේ සතුරෝ නුඹලා හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට නුඹලා උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් නුඹලාගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය.


නුඹලා කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.


ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.


ඔබ ස්වකීය සෙනඟ නොමිලයේ විකුණනසේක, ඔවුන්ගේ අගයෙන්ද ඔබ වස්තු වැඩිකර නොගත්සේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.


සිරියවරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙක්ව පැමිණි නමුත්, යූදාවරුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා ස්වාමීන්වහන්සේ ඉතා මහත් සේනාවක් ඔවුන් අතට පාවාදුන්සේක. මෙසේ ඔව්හු යෝවාෂ් කෙරෙහි දඬුවම් පැමිණෙවුවෝය.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ, මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුෂන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙකළෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.


උන්වහන්සේ අවුත් හිරකොට විනිශ්චයට අඬගැසුවොත්, උන්වහන්සේ වලක්වන්නේ කවුද?


ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය.


දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා වීසිකරනසේක.


නුඹලා නුඹලාගේ සතුරන් එළවන්නහුය, ඔව්හු නුඹලා ඉදිරියෙහි කඩුවෙන් වැටෙන්නෝය.


උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.


ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත. අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත.


මොව්හු ගාද්ගේ පුත්‍රයෝව සේනාවට මුලාදෑනියෝව සිටියෝය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත් ලොකු තැනැත්තා දහසකටත් වඩා බලවත් විය.


යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.


එසේ ඔව්හු සිරියවරුන්ගේ කඳවුරට යන පිණිස අරුණු වේලෙහිම නැගුටුණෝය. නුමුත් ඔවුන් සිරියවරුන්ගේ කඳවුරේ සීමාවට පැමුණුණ විට එහි කිසිවෙක් නැති බව දුටුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්