ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 1:41 - Sinhala Revised Old Version

එවිට නුඹලා උත්තරදෙමින්: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළමුව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ සියල්ල ලෙස අපි ගොස් සටන්කරන්නෙමුයයි මට කියා නුඹලා එකිනෙකා තමතමාගේ යුද්ධායුධ බැඳගෙන අහංකාරයෙන් කන්දට නැගීයන්ට සෑදී සිටියහුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔබ පිළිතුරු දෙමින්, ‘ඔව්, අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි ගොස් සටන් කරන්නෙමු’යි කීවහු ය. ඉන්පසු ඔබ සියල්ලෝ යුද්ධායුධ ගෙන සන්නාහ සන්නද්ධ වූ පසු කඳුකරයට යෑමට පහසු ය කියා සිතුවහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඔබ පිළිතුරු දෙමින්, ‘ඔව්, අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි ගොස් සටන් කරන්නෙමු’යි කීවහු ය. ඉන්පසු ඔබ සියල්ලෝ යුද්ධායුධ ගෙන සන්නාහ සන්නද්ධ වූ පසු කඳුකරයට යෑමට පහසු ය කියා සිතුවහු ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 1:41
4 හුවමාරු යොමු  

නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.


මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේට විරුද්ධව කිපෙයි.


බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය.