සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.
තීතස් 3:10 - Sinhala Revised Old Version භේදකාර මනුෂ්‍යයා පෙරළී ඉන්න බවත් දැනගනම පව්කරන බවත් නුඹ දන්න බැවින්. Sinhala New Revised Version භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න. සිංහල කාලීන පරිවර්තනය බෙදීම් ඇතිකරන්නාට වරක් දෙවරක් අවවාද කිරීමෙන් පසු ඔහුගෙන් අහක් වෙන්න. Sinhala New Revised Version 2018 භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න. |
සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.
මක්නිසාද නුඹලා අතරෙහි විශ්වාසවූ අයවල් ප්‍රකාශවන පිණිස ලබ්ධි භේදත් නුඹලා අතරෙහි තිබෙන්ට ඕනෑය.
මම නැවත ආවොත් මේ දක්වා පව්කළවුන්ටද අනික් සියල්ලන්ටද අච්චු නොකර නාරින්නෙමියි කියා මම දෙවෙනි වතාවේ ළඟ සිටියදී කලින් කී ලෙස, දැන් ඈත්ව සිටියදීත් කලින් කියමි.
යමෙක් මේ ලියුමේ අපේ වචනයට කීකරු නොවන්නේ නම්, නුඹලා ඔහු බලාගෙන, ඔහු ලජ්ජාවන පිණිස ඔහු සමඟ සමාගම් නොපවත්වා සිටින්න.
තවද, සහෝදරයෙනි, අපෙන් ලැබූ නියෝග ප්‍රකාරයට නොව, අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින මෙන් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි නුඹලාට අණකරමුව.
නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.
නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න.