ඒ හැටියට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේද කූෂ්වරුන්ට ළංව වාසයකරන අරාබිවරුන්ගේද සිත් යෙහෝරාම්ට විරුද්ධව පෙළඹෙවූසේක.
ජොයෙල් 3:4 - Sinhala Revised Old Version ඇරත් තීර් සහ ශීදොන්ද පිලිස්තියේ සියලු පළාත්ද යන නුඹලා මට මොකක්ද? නුඹලා මා පිටට ප්‍රතිඵල පමුණුවන්නහුද? එසේ මා පිටට පැමිණෙවුවොත් කඩිනමින්ම නුඹලාගේ ප්‍රතිඵල නුඹලාගේ හිස් පිටට වහාම හරවන්නෙමි. Sinhala New Revised Version තීර්, සීදොන් හා පිලිස්තියේ සියලු පළාත්වල වැසියෙනි, නුඹලා මට කරන්න යන්නේ කුමක් ද? නුඹලා මාගෙන් පළිගන්නට බලන්නහු ද? නුඹලා මාගෙන් පළිගන්නට යන්නහු නම්, මට කරන්නට යන දේ විගසින් ම නුඹලාට පල දෙන්නට සලස්වන්නෙමි. Sinhala New Revised Version 2018 තීර්, සීදොන් හා පිලිස්තියේ සියලු පළාත්වල වැසියෙනි, නුඹලා මට කරන්න යන්නේ කුමක් ද? නුඹලා මාගෙන් පළිගන්නට බලන්නහු ද? නුඹලා මාගෙන් පළිගන්නට යන්නහු නම්, මට කරන්නට යන දේ විගසින් ම නුඹලාට පල දෙන්නට සලස්වන්නෙමි. |
ඒ හැටියට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේද කූෂ්වරුන්ට ළංව වාසයකරන අරාබිවරුන්ගේද සිත් යෙහෝරාම්ට විරුද්ධව පෙළඹෙවූසේක.
අහෝ, මුළු පිලිස්තිය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.
මක්නිසාද මේක ස්වාමීන්වහන්සේගේ පළිගන්න දවසය, සියොන්හි පැමිණිල්ල ගැන විපාකදෙන අවුරුද්දය.
උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවල හැටියට තමන්ගේ එදිරිකාරයන්ට කෝපයද තමන්ගේ සතුරන්ට දඬුවමද ප්‍රතිඵල කොට දෙනවා ඇත; උන්වහන්සේ දිවයින්වලට ප්‍රතිඵල දෙනසේක.
ඵාරාවෝ ගාසාට පහරදෙන්ට පළමුවෙන් පිලිස්තිවරුන් ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
මෙසේ වෙන්නේ ඉතිරිවූ සියලු උපකාරකාරයන් තීර් සහ සීදොන් කෙරෙන් සිඳදමන පිණිස සියලු පිලිස්තිවරුන් නාස්තිකිරීමට පැමිණෙන දවස නිසාය. මක්නිසාද කප්තෝර් ද්වීපයෙන් ඉතිරිව සිටින්නන් වන පිලිස්තිවරුන් ස්වාමීන්වහන්සේ නාස්තිකරනසේක.
බබිලෝනිය කෙරෙන් පලා ගොස් නුඹලා එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න; ඇගේ අයුතුකමෙන් නාස්ති නොවෙන්න. මක්නිසාද මෙය ස්වාමීන්වහන්සේගේ පළිගැනීමේ කාලයය; උන්වහන්සේ ඈට ප්‍රතිඵලදෙනසේක.
උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය.
ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.
කොරාශීන්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත.
කොරාශින්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කළ බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි කළා නම්, ඔව්හු මීට ප්‍රථම ගෝනිරෙදි ඇඳ, අලුයෙහි ඉඳ, පසුතැවිල්ලට පැමුණුණෝ වෙති.
දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක.
ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.
ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.
කුමක්හෙයින්ද ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී,
එවිට යෙප්තා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙත පණිවිඩකාරයන් යවා: නුඹ මාගේ දේශයට විරුද්ධව යුද්ධකරන පිණිස මා ළඟට ආවේ මා සහ නුඹ අතරේ තිබෙන මොන කාරණයක් නිසාදැයි අසා ඇරියේය.