Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ජොයෙල් 3:3 - Sinhala Revised Old Version

3 ඔව්හු මාගේ සෙනඟ ගැන පසඇට දමා, පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රිකපානය බොන පිණිස වික්කෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු මාගේ සෙනඟ බෙදාගන්න පිණිස දාදු දැමූ හ. ඔව්හු වේශ්‍යාවක ගැනීම සඳහා පිරිමි ළමයෙකු දුන්නෝ ය. මුද්‍රික පානය බොන පිණිස ගෑණු ළමයෙකු වික්කෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔව්හු මාගේ සෙනඟ බෙදාගන්න පිණිස දාදු දැමූ හ. ඔව්හු වේශ්‍යාවක ගැනීම සඳහා පිරිමි ළමයෙකු දුන්නෝ ය. මුද්‍රික පානය බොන පිණිස ගෑණු ළමයෙකු වික්කෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජොයෙල් 3:3
8 හුවමාරු යොමු  

නුමුත් ඈ පවා අසුවී වහල්කමට ගියාය. ඇගේ දරුවෝද සියලු වීථි සන්ධිවල බිමගසා මරනු ලැබුවෝය. ඇගේ නම්බුකාරයන් ගැන පසඇට දැමුවෝය, ඇගේ සියලු උත්තමයෝ දම්වැල්වලින් බඳිනු ලැබුවෝය.


නුඹ අහකට වී සිටිය දවසේදීද, විදේශීන් ඔහුගේ දේපළ ගෙනගියාවූ, පරදේශීන් ඔහුගේ දොරටුවට ඇතුල්වී යෙරුසලම ගැන දාදුදැමුවාවූ දවසේදීද, නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙන් වූවෙහිය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය.


කුරුඳුද කුළු බඩුද සුගන්ධ ද්‍රව්‍යද තෛලද කට්ටකුමංචල්ද මුද්‍රිකපානයද තෙල්ද සිහින් පිටිද ධාන්‍යද ගවයන්ද බැටළුවන්ද; අශ්වයන් සහ රථද වහලුන්ද මනුෂ්‍යයන්ගේ ප්‍රාණද යන මේවාය.


එසේය, නුඹලා පියා නැත්තා ගැන පවා පසඇට දමා, නුඹලාගේ මිත්‍රයා වෙළඳාම් බඩුවක් කරගන්නහුය.


යාවාන්ද තූබල්ද මෙෂෙක්ද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මනුෂ්‍ය ප්‍රාණද පිත්තල බඩුද වෙළඳාම්කළෝය.


සුරාසොඬුනි, පිබිද අඬන්න; මුද්‍රිකපානය බොන සියල්ලෙනි, මිදියුස නුඹලාගේ මුඛවලින් පහවුණු නිසා ඒ ගැන කෑමොරගසන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්