ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 7:4 - Sinhala Revised Old Version

මා නින්දට යන කල: රාත්‍රිය පසුවී කොයි වේලේ නැගිටින්නෙම්දැ යි කියමි; පහන්වෙන තුරු මම පෙරළි පෙරළී ඉඳිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි. පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි. පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 7:4
9 හුවමාරු යොමු  

ඔව්හු රාත්‍රිය දවාලට පෙරළති. එළිය අන්ධකාරයට ළඟයයි කියති.


රාත්‍රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්‍රාම නොගනිති.


බැසයන සෙවණැල්ලක් මෙන් පහවයමි. පළඟැටියා මෙන් ඔබ මොබ එළවනු ලබමි.


අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.


මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.


ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි.


අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.


නුඹේ සිතට පැමිණෙන භීතියද නුඹේ ඇස්වලින් දකින කාරණාද නිසා නුඹ උදයකාලයෙහි: අහෝ, දැන් සවස නම් හොඳය කියාද, සවස්කාලයෙහි: අහෝ, දැන් උදය නම් හොඳය කියාද කියන්නෙහිය.