ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 6:5 - Sinhala Revised Old Version

තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද? පිදුරු ළඟ තිබෙද්දී ගොනා තප්පුලයිද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද? පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද? පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 6:5
8 හුවමාරු යොමු  

තවද: අප ළඟ සෑහෙන පමණ පිදුරුත් ගෝචරත් නවාතැනට ඉඩත් තිබෙනවායයි ඈ ඔහුට කීවාය.


වල් කොටළුවා නිදහස්කර හැරියේ කවුද? නොහොත් වල් කොටළුවාගේ බැඳුම් මිදුවේ කවුද?


කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.


රස නැති දේ ලුණු නැතුව කනවාද? නොහොත් බිත්තර සුදු මදයේ රසක් ඇද්ද?


උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්,


දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.


වල් කොටළුවෝද මුඩු කඳු පිට සිට සිවලුන් මෙන් හුළඟට ඉව අල්ලති; තණකොළ නැති නිසා උන්ගේ ඇස්ද ක්ෂයවෙයි.