දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද?
යෝබ් 42:3 - Sinhala Revised Old Version දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි. Sinhala New Revised Version මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය. Sinhala New Revised Version 2018 මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය. |
දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද?
ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ; මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි.
මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.