යෝබ් 20:15 - Sinhala Revised Old Version ඔහු වස්තු ගිලගත් නුමුත් ඒවා වමාරන්නේය. දෙවියන්වහන්සේ ඒවා ඔහුගේ බඩෙන් පිටකරනසේක. Sinhala New Revised Version තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය; දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක. Sinhala New Revised Version 2018 තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය; දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක. |
ඔහු උත්සාහකොට ලබාගත් දේ භුක්ති නොවිඳ ආපසු දෙන්නේය; තමා ලබාගත් සම්පත් ප්‍රමාණයට ප්‍රීති නොවන්නේය.
ඔහු තමාගේ ළය තුළ නිශ්චලය නැතුව සිටි බැවින්, තමා ප්‍රියවන දේවලින් කිසිවක් ගළවා නොගන්නේය.
බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් මා කාදමා, මා නාස්තිකොට, මා හිස් භාජනයක් කෙළේය, ඔහු දීර්ඝයෙකු මෙන් මා ගිල, මාගේ ප්‍රියවූ දේවලින් තමාගේ බඩ පුරවාගෙන, මා අහකදැම්මේය.
මම බබිලෝනියේදී බේල්ට දඬුවම්කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට නික්මවන්නෙමි; ජාතීහු ඔහු වෙතට තවත් ගලාගන නොයන්නෝය. එසේය, බබිලෝනියේ පවුර වැටෙන්නේය.
ඔවුන් සියල්ලෝම ඔහුට විරුද්ධව උපමාවක් සහ නින්දාකරන උපහැරණයක් නොකියද්ද? එනම්: තමාට අයිති නැතිදේ වැඩිකරගන්නාවූ, උකස් බඩු තමා පිට පටවාගන්නාවූ අයට දුක්වේ! කොපමණ කල්ද?