යෝබ් 20:1 - Sinhala Revised Old Version එකල නයමාතිය ශෝපර් උත්තරදෙමින් කියනුයේ; Sinhala New Revised Version ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය: Sinhala New Revised Version 2018 ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය: |
කඩුවට භයවෙන්න; මක්නිසාද විනිශ්චයක් ඇති බව නුඹලා දැනගන්න පිණිස උදහස කඩුවේ දඬුවම පමුණුවන්නේයයි කීවේය.
යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.
එබැවින් තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ගොස් ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කළෝය. ස්වාමීන්වහන්සේද යෝබ් පිළිගත්සේක.