ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 19:18 - Sinhala Revised Old Version

බාලයෝ පවා මා හෙළාදකිති; මා නැගිටින්ට හදන විට ඔව්හු මට විරුද්ධව කථාකෙරෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.

පරිච්ඡේදය බලන්න



යෝබ් 19:18
7 හුවමාරු යොමු  

ඔහු එතැනින් බෙතෙල්ට ගියේය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්: පලායව තට්ටයා, පලායව තට්ටයායයි කීවෝය.


මාගේ හුස්ම මාගේ භාර්යාවට අප්‍රියය, මාගේ මවුගේ කුසේ උපන් දරුවන්ට මම පිළිකුලක්ය.


මාගේ සියලු හිත මිත්‍රයෝම මට පිළිකුල්කරති. මා විසින් ප්‍රේමකළ අය මට විරුද්ධවී සිටිති.


නුමුත් දැන් වයසින් මට වඩා බාලයෝ මට සරදම්කරති, ඔවුන්ගේ පියවරුන් මාගේ මෘග රැළේ බල්ලන් සමඟ සිටවන්ටවත් වටීයයි නොසිතුවෙමි.


මාගේ දකුණු පැත්තෙහි කොලු රැළක් නැගිටිති; ඔව්හු මාගේ පාද තල්ලුකරදමති, මට විරුද්ධව ඔවුන්ගේ විනාශකාර මාර්ග ගොඩකරති.


නුඹ ඉඳගෙන ඔබගේ සහෝදරයාට විරුද්ධව කථාකෙරෙහිය; නුඹේම මෑණියන්ගේ පුත්‍රයාට විරුද්ධව කේලාම්කියන්නෙහිය.


සෙනඟ එකිනෙකාගෙන්ද තම තමාගේ අසල්වාසියාගෙන්ද පීඩා විඳින්නෝය. බාලයා මහල්ලාටත් නීචයා උත්තමයාටත් උඩඟුකම් පාන්නෝය.