ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 12:7 - Sinhala Revised Old Version

එහෙත් මෘගයන්ගෙන් අසන්න, උන් නුඹට උගන්වනවා ඇත; අහසේ පක්ෂීන්ගෙන් අසන්න, උන්ද නුඹට දන්වනවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න; උන් ඔබට උගන්වනු ඇත. අහසේ සියොතුන්ගෙන් අසන්න; උන් ඔබට දන්වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න; උන් ඔබට උගන්වනු ඇත. අහසේ සියොතුන්ගෙන් අසන්න; උන් ඔබට දන්වනු ඇත.

පරිච්ඡේදය බලන්න



යෝබ් 12:7
11 හුවමාරු යොමු  

තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.


දෙවියන්වහන්සේ ඒ ඒ වර්ග ලෙස පොළොවේ මෘගයන්ද ඒ ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ ඒ වර්ග ලෙස භූමියෙහි බඩගා යන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.


කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති; දෙවියන්වහන්සේ ඔවුන් අතට බොහෝසෙයින් දෙනසේක.


නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක නුඹට උගන්වනවා ඇත; මුහුදේ මත්ස්‍යයන් නුඹට කියාදෙනවා ඇත.


ඔව්හු නුඹට උගන්වා නුඹට කියාදී, තමුන්ගේ සිතින් නික්මෙන වචන නොකියන්නෝද?


කුඩා නුමුත් ඉතා ඥානවත්වූ ජාති සතරක් පොළොවෙහි ඇත:


අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න.


ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.


එසේය, ආකාශයේ මානකොකා උගේ කාලයන් දනියි; කොබෙයියාද වැහිලිහිණියාද කොකාද උන්ගේ ඊමේ කාලය දැන සිටිති; නුමුත් මාගේ සෙනඟ ස්වාමීන්වහන්සේගේ විනිශ්චය නොදනිති.


මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.