යෝබ් 10:13 - Sinhala Revised Old Version එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක; මේ කාරණය ඔබගේ කල්පනාවෙහි තිබුණු බව දනිමි. Sinhala New Revised Version එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක. ඔබේ අරමුණ කුමක් දැ යි මම දනිමි. Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක. ඔබේ අරමුණ කුමක් දැ යි මම දනිමි. |
එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දෙයම උන්වහන්සේ කරනසේක.
එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ.
වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියාකරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක.
එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.
අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!
ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයෙහි සභාව කරණකොටගෙන උන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය.
ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.