යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
යෙරෙමියා 9:4 - Sinhala Revised Old Version නුඹලා එකිනෙකා තම තමාගේ අසල්වාසියාගෙන් ප්‍රවේසම්වෙන්න, කිසි සහෝදරයෙක්ද විශ්වාස නොකරන්න. මක්නිසාද සියලු සහෝදරයන් ප්‍රයෝගකරනවාම ඇත, සියලු අසල්වාසීන්ද කේලාම් කියමින් ඇවිදිනවා ඇත. Sinhala New Revised Version ඔබ එකිනෙකා තම තමාගේ අසල්වැසියාගෙන් ප්‍රවේසම් වන්න; කිසි සහෝදරයෙකු ද විශ්වාස නොකරන්න. මන්ද, හැම සහෝදරයෙක් ම ප්‍රයෝගකාරයෙකි; හැම අසල්වැසියෙකු ම කේළාම් කියමින් ඇවිදිනු ඇත. Sinhala New Revised Version 2018 ඔබ එකිනෙකා තම තමාගේ අසල්වැසියාගෙන් ප්‍රවේසම් වන්න; කිසි සහෝදරයෙකු ද විශ්වාස නොකරන්න. මන්ද, හැම සහෝදරයෙක් ම ප්‍රයෝගකාරයෙකි; හැම අසල්වැසියෙකු ම කේළාම් කියමින් ඇවිදිනු ඇත. |
යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.
ඔහු තමාගේ දිවෙන් කේලාම් නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරයි.
මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:
එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.
මක්නිසාද මේ සෙනඟට මග පෙන්වන්නෝ ඔවුන් මුළාකරවති; ඔවුන් විසින් ගෙනයනු ලබන්නෝද නාස්තිවෙති.
මක්නිසාද නුඹේ සහෝදරයෝද නුඹේ පියාගේ වංශයද පවා නුඹට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය; ඔව්හු පවා නුඹට පස්සෙන් තදින් මොරගැසුවෝය. ඔවුන් නුඹ සමඟ හොඳින් කථාකරන නුමුත් ඔවුන් විශ්වාස නොකරන්න.
ඔවුන් සියල්ලෝම මුරණ්ඩුවූ කැරළිකාරයෝව, කේලාම් කියා ඇවිදින්නෝව, පිත්තල හා යකඩ වැනිව සිටිති. සියල්ලෝම දූෂ්‍යකම් කරන්නෝය.
ඔවුන්ගේ දිව මරණයේ ඊගසක්ය; ඒක වංචාව කථාකරයි. යමෙක් සමාදානයෙන් තමාගේ අසල්වාසියාට කටින් කථාකරන නුමුත් සිතින් ඔහු ගැන ප්‍රයෝගයක් යොදයි.
ලේ වගුරුවන පිණිස කේලාම්කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝය. නුඹ තුළ කඳු පිට කෑවෝය. නුඹ ඇතුළෙහි සල්ලාලකම්කළෝය.
නුඹේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් ඔබමොබ නොයන්න. නුඹේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න. මම ස්වාමීන්වහන්සේය.
අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැවුවේ එක දෙවියන්වහන්සේ නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම්කරමුද?
නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත;
තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය.
එහෙත් මවුපිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම නුඹලා භාරදෙනු ලබන්නහුය; ඔව්හු නුඹලාගෙන් සමහරෙකු මරණයට පත්කරවන්නෝය.
මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.