ඔහු ඉදිරියෙන් ඈත්ව දුනුසැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද: දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈ කීවාය. ඈ ඔහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්දනගා හැඬුවාය.
යෙරෙමියා 52:10 - Sinhala Revised Old Version එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් ඉදිරියෙහි මැරීය; යූදාහි සියලු අධිපතීන්ද රිබ්ලාහිදී මැරුවේය. Sinhala New Revised Version බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ම ඇස් ඉදිරිපිට මැරෙව්වේ ය. ඔහු ජුදාහි සියලු අධිපතීන් ද රිබ්ලාහි දී මැරෙව්වේ ය. Sinhala New Revised Version 2018 බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ම ඇස් ඉදිරිපිට මැරෙව්වේ ය. ඔහු ජුදාහි සියලු අධිපතීන් ද රිබ්ලාහි දී මැරෙව්වේ ය. |
ඔහු ඉදිරියෙන් ඈත්ව දුනුසැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද: දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈ කීවාය. ඈ ඔහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්දනගා හැඬුවාය.
මක්නිසාද ළමයා මා සමඟ නැතුව මාගේ පියා වෙතට මා යන්නේ කෙසේද? එසේ ගියොත් මාගේ පියාට සිද්ධවෙන විපත මට දකින්ට වෙනවා ඇතැයි කීවේය.
ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුවෙහි මරා, ඔහුගේ ඇස් අන්ධකොට, ඔහු විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ මනුෂ්‍යයා දරුවන් නැත්තාවූ, තමාගේ දවස්වලදී සඵල නොවන්නාවූ මනුෂ්‍යයෙක්යයි ලියන්න. මක්නිසාද ඔහුගේ වංශයේ කිසිවෙක් තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩුකරමින් සඵල නොවන්නේය.
මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් නුඹලා වෙතින් අහක්ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවාදෙන්නෙමි.
එළු බැටළු රැළෙන් හොඳ එවුන් ගන්න, ඒක යට ඇට ගොඩක් තබන්න. ඒක හොඳට උතුරවා, එහි තුළ තිබෙන ඇටත් තම්බන්න.
මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්නැයි කීසේක. එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන්ගත්තෝය.