Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 44:34 - Sinhala Revised Old Version

34 මක්නිසාද ළමයා මා සමඟ නැතුව මාගේ පියා වෙතට මා යන්නේ කෙසේද? එසේ ගියොත් මාගේ පියාට සිද්ධවෙන විපත මට දකින්ට වෙනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 44:34
10 හුවමාරු යොමු  

මක්නිසාද මාගේ ජාතියට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගන ඉන්නේ කොහොමද? මාගේ නෑයන්ගේ විනාශය දැක දැක ඉවසාගන ඉන්නේ කොහොමදැයි කීවාය.


විපත හා සිත් වේදනාව මා කරා පැමිණ තිබේ. එහෙත් ඔබගේ ආඥා මාගේ ප්‍රීතියය.


මරණයේ රැහැනෙන් වටකරනු ලැබීමි, ෂෙයෝලේ වේදනා මා අල්වාගත්තේය. විපත හා දුක මට පැමුණුණේය.


මට වෛරවූ අයට පැමිණි විනාශයට මම සන්තෝෂවී, ඔහු විපත්තියට අසුවූ විට ප්‍රීතිවීම්නම්,


මම නුඹේ පියවරුන් වෙතට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් පමුණුවන සියලු විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හුද හැරී ඇවිත් රජුට සැලකළෝය.


මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා ඵාරාවෝටද මිසරවරුන්ටද කළ සියල්ල සහ මාර්ගයෙහිදී ඔවුන්ට පැමිණි සියලු අමාරුකම්ද ස්වාමීන්වහන්සේ ඔවුන් ගැළෙවු ප්‍රකාරයද ඔහුගේ මාමාට කීවේය.


එබැවින් ළමයා වෙනුවට ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමීන්ට දාසව සිටින්ටත් ළමයාට තමාගේ සහෝදරයන් සමඟ යන්ටත් අවසර දෙන ලෙස ඉල්ලමි.


එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්