යෙරෙමියා 51:3 - Sinhala Revised Old Version දුනුවායා තමාගේ දුන්න තැත් නොකවාවා, ඔහු තමාගේ යුද්ධ සැට්ටය හැඳගෙන නැගිට නොසිටීවා. නුඹලා ඇගේ යෞවනයන්ට කරුණා නොකොට ඇගේ මුළු සේනාව සිඳදමන්න. Sinhala New Revised Version තමන්ගේ ඊතල විදින්නට වත්, යුද ඇඳුමෙන් සැරසී සිටින්නට වත් බබිලෝනියේ හේවායන්ට ඉඩ නොදෙන්න. ඇගේ තරුණයන්ට අනුකම්පා නොකොට ඇගේ මුළු සේනාව වනසාලන්න. Sinhala New Revised Version 2018 තමන්ගේ ඊතල විදින්නට වත්, යුද ඇඳුමෙන් සැරසී සිටින්නට වත් බබිලෝනියේ හේවායන්ට ඉඩ නොදෙන්න. ඇගේ තරුණයන්ට අනුකම්පා නොකොට ඇගේ මුළු සේනාව වනසාලන්න. |
අශ්වයන් රථවල බඳින්න. අසරුවෙනි, යුද්ධ තොප්පි දමාගන නැගී සිටින්න; හෙල්ල මැදගන්න, යුද්ධසැට්ට හැඳගන්න.
දුනු තැත්කවන සියල්ලෙනි, බබිලෝනියට විරුද්ධව වටකරින් සැරසී සිට, එක ඊගසක්වත් ඉතිරිකර නොගෙන ඈට විදින්න. මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළාය.
මෙරාතයිම් දේශයටත් පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධව නැගී ගොස් ඔවුන් මරා, පසුපස්සේ ගොස් නාස්තිකර, මා නුඹට අණකළ සියල්ල ලෙස කරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඇගේ සියලු ගොනුන් මරන්න; උන් මැරුම්කෑමට බසිත්වා. ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ දවස වන, ඔවුන්ට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.
බබිලෝනිය අහස දක්වා නැගුණත්, ඇගේ ශක්තියේ උස් කොටුව ඉතා බලවත්කළත්, මා වෙතින් නාස්තිකරන්නන් ඈ කරා පැමිණෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද වීථිවලින් ළමයින්ද එළිමහන්වලින් යෞවනයන්ද සිඳදමන පිණිස මරණය අපේ කවුළුවලින් නැගී ඇවිත් අපේ මාළිගාවලට වැදුණේය.
ගෙයිදී භීතියද වන්නේය; එය තරුණයා සහ කන්‍යාවද කිරි දරුවා සහ පැසුණු හිසකේ ඇත්තාද විනාශකරන්නේය.
මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.