ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
යෙරෙමියා 5:4 - Sinhala Revised Old Version එවිට මම කථාකොට: සැබවින් මොව්හු දිළින්දෝය. මොව්හු ස්වාමීන්වහන්සේගේ මාර්ගයද තමුන්ගේ දෙවියන්වහන්සේගේ විනිශ්චයද නොදන්න බැවින් මෝඩලෙස හැසිරෙති. Sinhala New Revised Version එවිට මම මෙසේ කීවෙමි: “සැබැවින් ම මොවුහු අඥානයෝ ය. සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද නොදන්න බැවින් මොවුහු මෝඩ ලෙස හැසිරෙති. Sinhala New Revised Version 2018 එවිට මම මෙසේ කීවෙමි: “සැබැවින් ම මොවුහු අඥානයෝ ය. සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද නොදන්න බැවින් මොවුහු මෝඩ ලෙස හැසිරෙති. |
ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
අකුරු නොදන්න කෙනෙකුට ලියවිල්ල දී: මේක කියවන්නැයි කීවාම-මම අකුරු නොදනිමියි ඔහු කියන්නේය.
මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.
එසේය, ආකාශයේ මානකොකා උගේ කාලයන් දනියි; කොබෙයියාද වැහිලිහිණියාද කොකාද උන්ගේ ඊමේ කාලය දැන සිටිති; නුමුත් මාගේ සෙනඟ ස්වාමීන්වහන්සේගේ විනිශ්චය නොදනිති.
ඔව්හු බොරුව විඳින පිණිස තමුන්ගේ දිව් නැමති දුනු අදිති; ඔවුන් දේශයෙහි බලවත්ව සිටින්නේ විශ්වාසකම උදෙසා නොවේය. මක්නිසාද ඔව්හු නපුරෙන් නපුරට යති, මා නෑදින සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.
අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.