යෙරෙමියා 49:21 - Sinhala Revised Old Version ඔවුන්ගේ වැටීමේ ශබ්දයට පොළොව සෙලවේ; කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙයි. Sinhala New Revised Version ඒදොම් වැටෙන විට, ඒ ශබ්දයෙන් පොළොව කම්පා වී යන්නේ ය. ඔවුන්ගේ කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙනු ඇත. Sinhala New Revised Version 2018 ඒදොම් වැටෙන විට, ඒ ශබ්දයෙන් පොළොව කම්පා වී යන්නේ ය. ඔවුන්ගේ කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙනු ඇත. |
කඩුව, යොමුවෙන්න, දකුණට ගසන්න; සෑදී සිටින්න, වමට ගසන්න; නුඹේ මූණත හැරී තිබෙන කොයි අතට නුමුත් ගසන්න.
එසේය, මම නුඹ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි, ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරුත් නුඹ නිසා ඉතා භයවන්නෝය; නුඹේ වැටීමේ දවසේදී ඔවුන් එක එකා තම තමාගේ ප්‍රාණය ගැන මොහොතෙන් මොහොත වෙවුලන්නේය.
අහෝ, අහෝ, මහත් නුවර, බබිලෝනිය, බලවත් නුවර! එක පැයකින් නුඹේ විනිශ්චය පැමුණුණේයයි කියමින් ඈ ගැන අඬා විලාප කියති.