Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 21:16 - Sinhala Revised Old Version

16 කඩුව, යොමුවෙන්න, දකුණට ගසන්න; සෑදී සිටින්න, වමට ගසන්න; නුඹේ මූණත හැරී තිබෙන කොයි අතට නුමුත් ගසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 21:16
8 හුවමාරු යොමු  

කඩුව අම්මොන් පුත්‍රයන්ගේ නුවරවූ රබ්බාටත් යූදාට සහ පවුරු ඇති යෙරුසලමටත් පැමිණෙන්ට මාර්ගයක් නියමකරන්න.


මා විසින් මෙසේ ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන බැවින් මාංසමයවූ සියල්ලන්ට විරුද්ධව දකුණේ සිට උතුර දක්වා මාගේ කඩුව කොපුවෙන් පිටත්ව යනවා ඇත.


නුඹේ වැඩිමල් සහෝදරී නුඹට වමින් වාසයකරන සමාරිය සහ ඇගේ දූවරුය. නුඹේ බාල සහෝදරී නුඹට දකුණෙන් වාසයකරන සොදොම සහ ඇගේ දූවරුය.


නොහොත් මා විසින් කඩුවක් ඒ දේශයට විරුද්ධව පමුණුවා: කඩුව, දේශය මුළුල්ලෙහි යවයි කියා එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට,


මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.


සිත දියවීයන පිණිසත් පැකිලීම් වැඩිවෙන පිණිසත් ඔවුන්ගේ සියලු දොරටුවලට විරුද්ධව කඩුවේ භයානකකම මම නියමකෙළෙමි. අහෝ ඒක විදුලිය මෙන් ඔප් නගා, මරාදැමීමට තියුණුකර තිබේ.


මමත් මාගේ අත් දෙක එකට ගසා, මාගේ කෝපය සංසිඳුවාගන්නෙමි. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමියි කීය.


එසේය, මම ඈ තුළට වසංගතයත් ඇගේ වීථි තුළට ලේත් අරින්නෙමි; වටකරින් ඈ පිටට පැමිණෙන කඩුවෙන් ඈ තුළ මනුෂ්‍යයෝ මැරුම්කා වැටෙන්නෝය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්