යෙරෙමියා 49:14 - Sinhala Revised Old Version රැස්වී ඈට විරුද්ධව ඇවිත් යුද්ධයට නැගිටින්නැයි කියන්ට ජාතීන් අතරට තානාපතියෙක් යවනලද්දේය යන ආරංචිය ස්වාමීන්වහන්සේගෙන් ලැබීමි. Sinhala New Revised Version ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඒදොම්ට විරුද්ධ ව පහර දෙන පිණිස සේනාවක් සූදානම් කරගන්නැ යි කියන පිණිස විජාතීන් අතරට තානාපතියෙක් යවන ලද්දේ ය යන ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් මම ලදිමි. Sinhala New Revised Version 2018 ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඒදොම්ට විරුද්ධ ව පහර දෙන පිණිස සේනාවක් සූදානම් කරගන්නැ යි කියන පිණිස විජාතීන් අතරට තානාපතියෙක් යවන ලද්දේ ය යන ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් මම ලදිමි. |
ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.
ඊතල මැදලා උල්කර පලිස් තදින් අල්ලාගන්න. ස්වාමීන්වහන්සේ මේදියාවේ රජවරුන්ගේ සිත් පෙළඹෙවුසේක; මක්නිසාද බබිලෝනිය නටබුන් කිරීමට උන්වහන්සේගේ යෝජනාව ඊට විරුද්ධව තිබේ. මෙය වනාහි ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය, උන්වහන්ගේ මාළිගාව ගැන පළිගැනීමය.
දේශයේදී අසන ආරංචියට නුඹලාගේ සිත් දුර්වලවෙන්ට ඉඩ නොදෙන්න, භය නොවෙන්න; මක්නිසාද එක අවුරුද්දකදී ආරංචියක්ද ඊට පසු අවුරුද්දේ ආරංචියක්ද දේශයෙහි බලාත්කාරකමද ආණ්ඩුකාරයෙක් ආණ්ඩුකාරයෙකුට විරුද්ධවීමද පැමිණෙන්නේය.
යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.