දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.
යෙරෙමියා 48:43 - Sinhala Revised Old Version අහෝ මෝවබ් වැසිය, භීතියත් වළත් මලපතත් නුඹ පිට තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version අහෝ, මෝවබ් වැසියෙනි! භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා ඉදිරියේ ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. Sinhala New Revised Version 2018 අහෝ, මෝවබ් වැසියෙනි! භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා ඉදිරියේ ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. |
දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.
බලව, නුඹ වටකර සිටින සියල්ලන්ගෙන් නුඹ පිටට භීතියක් පමුණුවන්නෙමියි මහෝත්තමවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලා එකිනෙකා තම තමා ඉදිරිපිටින් පන්නනු ලබන්නහුය, පලායන අය පිළිගැනීමටද කිසිවෙක් නොවන්නේය.
අහෝ බබිලෝනිය, මම නුඹට මලපතක් තැබීමි, නුඹද නොදැනුවත්ව අසුවුණෙහිය. නුඹ ස්වාමීන්වහන්සේට විරුද්ධව යුද්ධකළ නිසා නුඹ අසුවී, අල්ලනලද්දේය.