මෙන්න, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බර වුණොත් ඒක ඔහුගේ අතට ඇනී හිල්වෙයි. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එසේමය.
යෙරෙමියා 46:2 - Sinhala Revised Old Version මිසරය ගැනය. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී ප්‍රාත් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් පහරදෙනලද මිසරයේ රජවූ ඵාරාවෝනෙකෝගේ සේනාව ගැනය. Sinhala New Revised Version මිසර දේශය ගැන උන් වහන්සේ වදාළ දේ මෙය යි. ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී යුප්‍රටීස් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියා වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද මිසරයේ රජ වූ පාරාවෝ-නෙකෝගේ සේනාව ගැන මෙසේ වදාළ සේක: Sinhala New Revised Version 2018 මිසර දේශය ගැන උන් වහන්සේ වදාළ දේ මෙය යි. ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී යුප්‍රටීස් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියා වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද මිසරයේ රජ වූ පාරාවෝ-නෙකෝගේ සේනාව ගැන මෙසේ වදාළ සේක: |
මෙන්න, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බර වුණොත් ඒක ඔහුගේ අතට ඇනී හිල්වෙයි. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එසේමය.
ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය.
එවිට ඔහු යෙරුසලමෙහි රජකම් නොකරන පිණිස ඵාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහිදී ඔහු හිර අඩස්සිකොට, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගැසුවේය.
බබිලෝනියේ රජු මිසරයේ ඔය පටන් ප්‍රාත් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා මිසරයේ රජ තවත් තමාගේ දේශයෙන් පිටතට ආවේ නැත.
මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේට මිසර දේශය මැද පූජාසනයකුත් එහි සීමාව ළඟ ස්වාමීන්වහන්සේට කණුවකුත් වන්නේය.
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්ද වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පළමුවෙනි අවුරුද්දේදී යූදාහි මුළු සෙනඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යොහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමුණුණේය.
ඔහු ඇවිත් මිසර දේශයට පහරදෙනවා ඇත; මරණයට නියමවූ අය මරණයටත් වාල්කමට නියමවූ අය වාල්කමටත් කඩුවට නියමවූ අය කඩුවටත් අසුවන්නෝය.
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී නේරියාගේ පුත්‍රවූ බාරුක් අනාගතවක්තෘවූ යෙරෙමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියූ විට යෙරෙමියා ඔහුට කී වචනයය.
මිසරයෙහි දන්වමින්ද, මිග්දොල්හි ප්‍රකාශකරමින්ද, නොප්හි සහ තාපන්හේස්හි ප්‍රසිද්ධකරමින්ද මෙසේ කියන්න: ඉදිරියට ඇවිත් සැරසෙන්න; මක්නිසාද කඩුව නුඹ වටකර නාස්තිකෙළේය.