Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 24:7 - Sinhala Revised Old Version

7 බබිලෝනියේ රජු මිසරයේ ඔය පටන් ප්‍රාත් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා මිසරයේ රජ තවත් තමාගේ දේශයෙන් පිටතට ආවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 බබිලෝනියේ රජ නයිල් ගංගාව පටන් යුප්‍රටීස් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා, මිසරයේ රජ තවත් තම දේශයෙන් පිටතට ආවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 බබිලෝනියේ රජ නයිල් ගංගාව පටන් යුප්‍රටීස් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා, මිසරයේ රජ තවත් තම දේශයෙන් පිටතට ආවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 24:7
10 හුවමාරු යොමු  

මිසරය ගැනය. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී ප්‍රාත් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් පහරදෙනලද මිසරයේ රජවූ ඵාරාවෝනෙකෝගේ සේනාව ගැනය.


ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ


අශ්මොන් පටන් සීමාව මිසර ඔය දෙසට හැරී ගොස් මුහුද ළඟ කෙළවර වන්නේය.


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවේ සැඩපාරේ පටන් මිසරයේ ඔය දක්වා ඔහුගේ ඵල නෙළාගන්නාසේක. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා එක් එක්කෙනෙක් පාසා රැස්කරනු ලබන්නහුය.


සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.


අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් ගියේය; ඒ සීමාව මුහුද ළඟ කෙළවරවිය. මෙය නුඹලාගේ දකුණු සීමාව වන්නේය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මිසරයේ රජවූ ඵාරාවෝට විරුද්ධව සිටිමි, මම ඔහුගේ බාහු වන සවිවූ එකද බිඳුණු එකද බිඳ, ඔහුගේ අතින් කඩුව වැටෙන්ට සලස්වා,


ශීඝ්‍ර තැනැත්තේ පලා නොයේවා, බලවන්තයාද ගැළවී නොයේවා; ඔව්හු උතුරු දිශාවේ ප්‍රාත් ගංගාව ළඟදී පැකිල වැටුණෝය.


මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝගේ හස්තය මම බින්දෙමි; කඩුව අල්ලන්ට ඒක සවිවෙන පිණිස සුවකරන ඖෂධ දමා, ඒක බැඳීමට පටියක් දමා, ඒක බැන්දේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්