යෙරෙමියා 4:18 - Sinhala Revised Old Version නුඹේ මාර්ගයත් නුඹේ ක්‍රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය. Sinhala New Revised Version “නුඹේ කල්ක්‍රියාවෙන් හා නුඹ කළ කී දෙයින් නුඹ ම මේ විපත නුඹ පිට පමුණුවාගෙන ඇත. මෙය නුඹේ ඉරණම වේ. එය ඉතා දරුණු ය, එය නුඹේ හදවත සිදුරු කර ඇත.” Sinhala New Revised Version 2018 “නුඹේ කල්ක්‍රියාවෙන් හා නුඹ කළ කී දෙයින් නුඹ ම මේ විපත නුඹ පිට පමුණුවාගෙන ඇත. මෙය නුඹේ ඉරණම වේ. එය ඉතා දරුණු ය, එය නුඹේ හදවත සිදුරු කර ඇත.” |
එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.
ඔවුන්ගේ අනාගතවාක්‍ය අසන සෙනඟත් සාගතයද කඩුවද කරණකොටගෙන යෙරුසලමේ වීථිවල හෙළාදමනු ලබන්නෝය; ඔවුන්වත් ඔවුන්ගේ භාර්යාවන්වත් පුත්‍රයන්වත් දූවරුන්වත් වළලන්ට කිසිවෙක් නොවන්නේය. මක්නිසාද මම ඔවුන්ගේ දුෂ්ටකම ඔවුන් පිට වගුරුවන්නෙමි.
මේ දේ නුඹට පමුණුවා ගත්තේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මාර්ගයෙහි ගෙනෙන කල නුඹ විසින් උන්වහන්සේ අත්හැරිය නිසා නොවේද?
නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.
තවද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ සියල්ල අපට කළේ මක්නිසාදැයි නුඹලා අසන කල–නුඹලා මා අත්හැර නුඹලාගේම දේශයේදී අන්‍ය දෙවිවරුන්ට සේවයකළාක්මෙන්ම නුඹලාට අයිති නැති දේශයකදී නුඹලා අන්‍යයන්ට සේවයකරන්නහුයයි ඔවුන්ට කියන්න.
එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.
ඔවුන්ගේ අපවිත්‍රකමේ සහ ඔවුන්ගේ වරදවල හැටියට මම ඔවුන්ට කර, මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගතිමි.
ඔවුන්ගේ සියලු දුෂ්ටකම් මට මතක තිබෙන බව ඔව්හු තමුන්ගේ සිත්වලින් කල්පනා නොකරති. දැන් ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් වටවී සිටිති; ඒවා මාගේ මුහුණ ඉදිරිපිට තිබේ.