තවද ෂාපාන් ලේකමට කථාකොට: පූජකවූ හිල්කියා පොතක් මට දුන්නේය කියා රජුට දන්වා ඒක රජු ඉදිරියෙහි කියෙවුවේය.
යෙරෙමියා 36:15 - Sinhala Revised Old Version ඔව්හුද: ඉතින් ඉඳගෙන ඒක අපට ඇසෙන්ට කියවන්නැයි ඔහුට කීවෝය. බාරුක්ද ඔවුන්ට ඇසෙන්ට කියෙවුවේය. Sinhala New Revised Version ඔව්හු බාරුක් අමතා, “කරුණාකර වාඩි වී අපට ඇසෙන පිණිස ඔය පොත කියවන්නැ”යි කී හ. බාරුක් ඔවුන්ට ඇසෙන පරිදි එය කියෙවුවේ ය. Sinhala New Revised Version 2018 ඔව්හු බාරුක් අමතා, “කරුණාකර වාඩි වී අපට ඇසෙන පිණිස ඔය පොත කියවන්නැ”යි කී හ. බාරුක් ඔවුන්ට ඇසෙන පරිදි එය කියෙවුවේ ය. |
තවද ෂාපාන් ලේකමට කථාකොට: පූජකවූ හිල්කියා පොතක් මට දුන්නේය කියා රජුට දන්වා ඒක රජු ඉදිරියෙහි කියෙවුවේය.
තවද ඔව්හු ඒ සියලු වචන අසා, භයින් යුක්තව, එකිනෙකා දෙසට හැරී: අපි මේ සියලු වචන සැබවින් රජුට දන්වන්නෙමුයයි බාරුක්ට කීවෝය.
රජ තෙමේ පොත ගෙනෙන්ට යෙහූදී යැවීය. ඔහු එලිෂාමා ලේකමගේ ඇතුල් ගෙයින් ඒක ගෙනවුත්, රජුටත් රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස ඒක කියෙවුවේය.