යෙරෙමියා 33:20 - Sinhala Revised Old Version දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්, Sinhala New Revised Version “දවාලත්, රාත්‍රියත් නියම වේලාවට නොපැමිණෙන ලෙස දවාලත්, රාත්‍රියත් සමඟ මා කර ඇති ගිවිසුම අවලංගු කිරීමට නුඹලාට පුළුවන්කමක් නැත. Sinhala New Revised Version 2018 “දවාලත්, රාත්‍රියත් නියම වේලාවට නොපැමිණෙන ලෙස දවාලත්, රාත්‍රියත් සමඟ මා කර ඇති ගිවිසුම අවලංගු කිරීමට නුඹලාට පුළුවන්කමක් නැත. |
පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක.
මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.