ඔබගේ මාර්ගය මුහුදේ විය, ඔබගේ මාවත් මහත් ජලධාරාවන්හි විය, ඔබගේ පා සලකුණු ප්‍රකාශ නොවීය.
යෙරෙමියා 32:25 - Sinhala Revised Old Version එහෙත්, අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, නුවර කල්දිවරුන් අතට භාරදී තිබෙන නුමුත්: කෙත මිලේටගෙන සාක්ෂිකාරයන් කැඳවාගන්න කියා ඔබ මට කීසේකැයි කීවෙමි. Sinhala New Revised Version අහෝ! දෙවි ස්වාමීනි, නගරය බබිලෝනිවරුන්ගේ අතට භාර දී තිබෙන නමුත්, ‘සාක්ෂිකාරයන් ඉදිරියෙහි කෙත මිලේට ගන්නැ’යි මට වදාළේ ඔබ ම ය.” Sinhala New Revised Version 2018 අහෝ! දෙවි ස්වාමීනි, නගරය බබිලෝනිවරුන්ගේ අතට භාර දී තිබෙන නමුත්, ‘සාක්ෂිකාරයන් ඉදිරියෙහි කෙත මිලේට ගන්නැ’යි මට වදාළේ ඔබ ම ය.” |
ඔබගේ මාර්ගය මුහුදේ විය, ඔබගේ මාවත් මහත් ජලධාරාවන්හි විය, ඔබගේ පා සලකුණු ප්‍රකාශ නොවීය.
වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.
මා විසින් ඔවුන්ටත් ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශය මතුපිටින් ඔවුන් නැතිවී යන තුරු, ඔවුන් අතරට කඩුවත් සාගතයත් වසංගතයත් යවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
මක්නිසාද ගෙවල්ද කෙත්ද මිදිවතුද නැවත මේ දේශයෙහි මිලේටගන්නවා ඇත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.
මෙන්න, නුවර අල්ලාගැනීමට ගොඩැලි ඊට ළංවී තිබේ; නුවරද කඩුවත් සාගතයත් වසංගතයත් කරණකොටගෙන ඊට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන් අතට දී තිබේ. ඔබ කී දේ සිද්ධවී තිබේ; මෙන්න, ඔබ ඒක දක්නාසේක.
මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව ඒක පාළුවක් වී කල්දිවරුන් අතට දී තිබේයයි නුඹලා කියන මේ දේශයෙහි කෙත් මිලේට ගනු ලබන්නේය.
මෙසේ මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හිරගෙයි මළුවට මා ළඟට ඇවිත්: අනේ බෙන්යමින් දේශයේ අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද උරුමයේ අයිතිවාසිකම තිබෙන්නේ නුඹටය, නිදහස්කරගැනීමත් නුඹට අයිතිය; නුඹම ඒක මිලේට ගන්නැයි කීය. එවිට මෙය ස්වාමීන්වහන්සේගේ වචනය බව දැනගතිමි.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට නුඹලාට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි නුඹලා ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කුමක් කරම්දැයි දැන් නුඹ දන්නේ නැත; නුමුත් පසුව නුඹට තේරෙනවා ඇතැයි ඔහුට කීසේක.