ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 29:3 - Sinhala Revised Old Version

යූදාහි රජවූ ශෙදෙකියා විසින් බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ළඟට බබිලෝනියට යැවුවාවූ, ෂාපාන්ගේ පුත්‍රවූ එලාසා සහ හිල්කියාගේ පුත්‍රවූ ගෙමරියා අතින් යෙරුසලමෙන් ඇරිය ලියුමේ වචන මේවාය:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි:

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 29:3
11 හුවමාරු යොමු  

එවිට රජගෙදර ප්‍රධානියාවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නා ලේකමද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද පිටත්ව ඔවුන් ළඟට ගියෝය.


පූජකවූ හිල්කියාටත් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටත් මිකායාගේ පුත්‍රවූ අක්බොර්ටත් ෂාපාන් ලේකමටත් රජුගේ සේවකයාවූ අසායාටත් අණකොට:


නායක පූජකවූ හිල්කියා ෂාපාන් ලේකමට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මට සම්බවීයයි කියා පොත ෂාපාන්ට දුන්නේය, ඔහු ඒක කියෙවුවේය.


අසිරියාට දාව හෙලෙශ් උපන්නේය, හෙලෙශ්ට දාව එලෙයාසා උපන්නේය;


ෂල්ලූම්ට දාව හිල්කියාද හිල්කියාට දාව අසරියාද;


තවද රජ හිල්කියාටද ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටද මීකාගේ පුත්‍රවූ අබ්දොන්ටද ලේකම්වූ ෂාපාන්ටද රජුගේ සේවකයාවූ අසායාටද අණකොට:


නුමුත් යෙහෝයාකීම් රජ අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයන්ද මිසරයට යැවීය.


එහෙත් යෙරෙමියා මරන්ට ඔහු සෙනඟ අතට පාවා නොදෙන හැටියට ෂාපාන්ගේ පුත්‍රවූ අහීකාම්ගේ අත ඔහු සමඟ විය.


තවද එල්නාතාන්ද දෙලායාද ගෙමරියාද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝය. නුමුත් ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.


යෙරෙමියා හිරගෙයි මළුවෙන් ගෙන්වාගෙන, ඔහු ගෙදරට ගෙනයන පිණිස ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට භාරකළෝය. ඔහු සෙනඟ අතරෙහි වාසයකෙළේය.


ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන්ගෙන් සැත්තෑ දෙනෙක්ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත්‍රවූ යාසනියාද එක එකා තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇතුව ඒවා ඉදිරියෙහි සිටියෝය; දුම් වලාකුළේ සුගන්ධය ඉහළට නැංගේය.