ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 27:4 - Sinhala Revised Old Version

ඔවුන් තමුන්ගේ ස්වාමිවරුන්ට කියන පිණිස මෙසේ ඔවුන්ට අණකරන්න: නුඹලාගේ ස්වාමිවරුන්ට මෙසේ කියන්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක–

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ඒ රජවරුන්ට මෙසේ වදාරන සේකැ”යි ඒ තානාපතිවරුන්ට කියන ලෙස සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ඒ රජවරුන්ට මෙසේ වදාරන සේකැ”යි ඒ තානාපතිවරුන්ට කියන ලෙස සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 27:4
8 හුවමාරු යොමු  

ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.


නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.


යාකොබ්ගේ උරුම-කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සියලු දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල්ද උන්වහන්සේගේ උරුම-ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


නුඹ ඔවුන්ට කථාකොට: නුඹලා බී මත්වී වමනයකොට, මා විසින් නුඹලා අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


පසුව ඒවා යෙරුසලමට, යූදාහි රජවූ ශෙදෙකියා වෙතට එන්නාවූ පණිවිඩකාරයන් අතින් ඒදොම්හි රජුටද මෝවබ්හි රජුටද අම්මොන් පුත්‍රයන්ගේ රජුටද තීර්හි රජුටද ශීදොන්හි රජුටද යවා,


මමම මාගේ මහත් බලයෙන්ද දිගුකළ මාගේ හස්තයෙන්ද පොළොව සහ පොළොව මතුපිට සිටින මනුෂ්‍යයාත් තිරිසනාත් මැවුවෙමි; මට හරිව පෙනෙන ලෙස මම කැමති අයට එය දෙමි.


මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ට සේවයකරන පිණිස මම යකඩ වියගහක් මේ සියලු ජාතීන්ගේ බෙල්ලේ තැබුවෙමි; ඔවුන් ඔහුට සේවයකරනවා ඇත. මම වනයේ මෘගයන්ද ඔහුට දුනිමියි කියන්නැයි කීසේක.


යාකොබ්ගේ කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සෑම දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල් උන්වහන්සේගේ උරුම ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.