ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 24:3 - Sinhala Revised Old Version

එකල ස්වාමීන්වහන්සේ මට කථාකොට: යෙරෙමියා, නුඹට පෙනෙන්නේ මොනවාදැයි මාගෙන් ඇසූසේක. මමද: අත්තික්කාය; හොඳ අත්තික්කා ඉතා හොඳය; නරක ඒවා නරක්කම නිසා කන්ට බැරි තරම් ඉතා නරකයයි කීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට සමිඳාණන් වහන්සේ “ජෙරමියා, නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසූ සේක. මම පිළිතුරු දෙමින්, “අත්තික්කා ය; හොඳ අත්තික්කා ඉතා හොඳ ය; නරක ඒවා කන්න බැරි තරම් ඉතා නරක ය”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට සමිඳාණන් වහන්සේ “ජෙරමියා, නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසූ සේක. මම පිළිතුරු දෙමින්, “අත්තික්කා ය; හොඳ අත්තික්කා ඉතා හොඳ ය; නරක ඒවා කන්න බැරි තරම් ඉතා නරක ය”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 24:3
10 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:


බලව, මම ඔවුන් අතරට කඩුවද සාගතයද වසංගතයද යවා, කන්ට බැරි තරම් නරකව තිබෙන පිළිකුල් අත්තික්කාවලට ඔවුන් සමානකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. ලඹයක්යයි මම කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ කථාකොට: බලව, මම නැවත තවත් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අච්චු නොකර නොසිට, ඔවුන් මැද ලඹයක් අල්ලන්නෙමි.


උන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. මමද: ඉදුණු ඵල පෙට්ටියක්යයි කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබේ; මම නැවත තවත් ඔවුන්ට අච්චු නොකර නොසිටින්නෙමි.


නුඹට පෙනෙන්නේ මොකදැයි මාගෙන් ඇසුවේය. මමද: මුළුමනින්ම රන්මයවූ පහන් රුකක් මට පෙනෙයි; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත්, ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්,


නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඔහු මාගෙන් ඇසුවේය. මමද: අකුළන පොතක් ඉගිලයනවා මට පෙනෙයි; එහි දිග රියන් විස්සක්ය, පළල රියන් දසයක්යයි කීමි.


(පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)