නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.
යෙරෙමියා 21:11 - Sinhala Revised Old Version තවද යූදාහි රජුගේ වංශය ගැන ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; Sinhala New Revised Version ජූදා රජුගේ වංශයට ජෙරමියා කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ වදාළ මේ දේට සවන් දෙන්න. Sinhala New Revised Version 2018 ජූදා රජුගේ වංශයට ජෙරමියා කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ වදාළ මේ දේට සවන් දෙන්න. |
නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.
යූදාහි රජවරුනි, සියලු යූදාවරුනි, මේ දොරටුවලින් ඇතුල්වෙන යෙරුසලමේ සියලු වැසියෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න;
එම්බා දාවිත්ගේ වංශය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගින්න මෙන් විහිදී ගොස් කිසිවෙකුට නිවන්ට බැරි ප්‍රකාර නොඇවිළෙන පිණිස, කඩිනමින්ම විනිශ්චය පවත්වා, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න.
එබැවින් යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ මාගේ සහෝදරය! අහෝ සහෝදරිය! කියා ඔව්හු ඔහු ගැන නොවැලපෙන්නෝය. අහෝ ස්වාමිනි! අහෝ ඔහුගේ මහිමය! කියා ඔහු ගැන නොවැලපෙන්නෝය.
තවද මම මෙසේ කීවෙමි: යාකොබ්ගේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, අසන්න. විනිශ්චය දැනගැනීම නුඹලාගේ යුතුකමක් නොවේද?