Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 22:18 - Sinhala Revised Old Version

18 එබැවින් යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ මාගේ සහෝදරය! අහෝ සහෝදරිය! කියා ඔව්හු ඔහු ගැන නොවැලපෙන්නෝය. අහෝ ස්වාමිනි! අහෝ ඔහුගේ මහිමය! කියා ඔහු ගැන නොවැලපෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එබැවින් ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ ‘අනේ! මාගේ සහෝදරය, අනේ! මාගේ සහෝදරිය’ කියා ඔහු ගැන කිසිවෙක් නොවැලපෙති. ‘අනේ! ස්වාමීනි, අනේ රජිඳුනි,’ කියා ද කිසිවෙක් නොවැලපෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එබැවින් ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ ‘අනේ! මාගේ සහෝදරය, අනේ! මාගේ සහෝදරිය’ කියා ඔහු ගැන කිසිවෙක් නොවැලපෙති. ‘අනේ! ස්වාමීනි, අනේ රජිඳුනි,’ කියා ද කිසිවෙක් නොවැලපෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 22:18
17 හුවමාරු යොමු  

මේ දේශයෙහි ලොකු කුඩා අය මැරෙනවා ඇත. ඔව්හු වළලනු නොලබන්නෝය, කිසිවෙක් ඔවුන් ගැන විලාප නොකියන්නේය, ශරීරය කපා නොගන්නේය, ඔවුන් ගැන හිස මුඩුකර නොගන්නේය.


තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණෝය.


මැරුණු කෙනෙකු ගැන නාඬන්න, ශෝක නොවෙන්න. අහක්ව යන්නාවූ අය ගැන තදින් අඬන්න; මක්නිසාද ඔහු තවත් හැරී නොඑන්නේය, තමා උපන් දේශයද තවත් නොදකින්නේය.


ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝය; ඔවුන් ගැන කිසිවෙක් නොවැලපෙන්නේය, ඔව්හු වළලනු නොලැබ, භූමිය මතුපිට කසළ මෙන් වන්නෝය. ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද විනාශවී, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.


නුඹ කඩුවෙන් නොමැරී, සමාදානයෙන් නසින්නෙහිය; නුඹට පළමුවෙන් සිටි ප්‍රථම රජවරුන් වන නුඹේ පියවරුන් ගැන පැවැත්තුවාවූ දැවීම් මෙන් නුඹ ගැනත් දැවීමක් පවත්වා: අහෝ ස්වාමිනි! කියා නුඹ ගැන විලාපකියනවා ඇත, මක්නිසාද ඒ වචනය කීවේ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්‍රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.


මාගේ සහෝදරවූ යොනාතාන්, නුඹ ගැන මට ශෝකය ඇත්තේය. නුඹ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ නුඹේ ආදරය පුදුමය, ස්ත්‍රීන්ගේ ආදරයට වඩා මහත්ය.


ඔහු අෂේරා පිළිමය ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අහක්කොට යෙරුසලමෙන් පිටත කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුලුස්සාදමා කුඩුකර, ඒ කූඩු පොදු සෙනඟගේ මිනීවළවල් උඩ විසුරුවා දැමුවේය.


යෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේදී රජවී එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම ශෙබිදාය, ඈ රූමාහි පෙදායාගේ දුවෙක්ය.


යෙහෝයාකිම් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝයාඛින් ඔහු වෙනුවට රජවිය.


යෙහෝයාකීම් විසිපස් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


ඔහු අල්ලාගෙන යනු ලැබූ ස්ථානයේදීම මැරෙන්නේය, ඔහු තවත් මේ දේශය නොදක්නේය.


යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය.


තවද යූදාහි රජුගේ වංශය ගැන ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න;


එබැවින් ස්වාමීන්වහන්සේ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන මෙසේ කියනසේක: ඔහුට දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින්ට කෙනෙක් නොසිටින්නේය. ඔහුගේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත් රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්