අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
යෙරෙමියා 13:7 - Sinhala Revised Old Version මමද ප්‍රාත් ගංගාව ළඟට ගොස්, හාරා, මා විසින් පටිය සඟවා තැබූ තැනින් ඒක ගතිමි. එවිට පටිය නරක්ව වැදගැන්මකට නැතුව තිබුණේය. Sinhala New Revised Version මම ද යුප්‍රටීස් ගඟ ළඟට ගොස් හණ රෙද්ද සඟවා තැබූ තැනින් එය සොයාගතිමි. එය නාස්ති වී වැදගැම්මකට නැති වී තිබිණි. Sinhala New Revised Version 2018 මම ද යුප්‍රටීස් ගඟ ළඟට ගොස් හණ රෙද්ද සඟවා තැබූ තැනින් එය සොයාගතිමි. එය නාස්ති වී වැදගැම්මකට නැති වී තිබිණි. |
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
මාගේ වචන අසන්ට අකැමැතිවූ, තමුන්ගේ සිත්වල මුරණ්ඩුකම ලෙස හැසිර අන් දෙවිවරුන්ට සේවයකරන්ටත් නමස්කාරකරන්ටත් ඔවුන් පස්සේ යන්නාවූ මේ නපුරු සෙනඟ වැදගැන්මකට නැති මේ පටිය මෙන් වෙනවා ඇත.
බොහෝ දවසකට පසු ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ පිටත්වී ප්‍රාත් ගංගාව ළඟට ගොස්, එහි සඟවා තබන්ට මා විසින් නුඹට අණකළ පටිය එතැනින් ගන්නැයි කීසේක.
ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය, එක්ව නිෂ්ප්‍රයෝජනවූවෝය; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක් පමණවත් නැත.