ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 11:18 - Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ ඒ ගැන මට දැන්වූසේක, එසේ මම දැනගතිමි. එකල ඔබ ඔවුන්ගේ ක්‍රියා මට පෙන්නූසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාගේ සතුරන් මට විරුද්ධ ව කරන්න අදහස් කළ නපුරු දේ ගැන සමිඳාණන් වහන්සේ මට දැන්වූ බැවින් මම එය දැනගත්තෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාගේ සතුරන් මට විරුද්ධ ව කරන්න අදහස් කළ නපුරු දේ ගැන සමිඳාණන් වහන්සේ මට දැන්වූ බැවින් මම එය දැනගත්තෙමි.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 11:18
8 හුවමාරු යොමු  

එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය.


නුමුත් මම මරණයට ගෙනයන හීලෑ බැටළුපැටවෙකු මෙන් සිටියෙමි. අපි ගහද එහි ඵලද නාස්තිකොට, ඔහුගේ නම තවත් සිහි නොවෙන පිණිස, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු සිඳදමමුයයි කියා ඔවුන් මට විරුද්ධව උපායෙදූ බව නොදැන සිටියෙමි.


යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක.


නුමුත් මාගේ බොරුව කරණකොටගෙන දෙවියන්වහන්සේගේ මහිමය පිණිස උන්වහන්සේගේ සැබෑකම වැඩිවූයේ නම් මමත් මක්නිසා පව්කාරයෙකු මෙන් තවත් විනිශ්චයකරනු ලබම්ද?