මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
යෙරෙමියා 10:11 - Sinhala Revised Old Version නුඹලා ඔවුන්ට කථාකොට: අහසත් පොළොවත් නොසෑදුවාවූ දෙවිවරු වනාහි පොළොවෙන්ද අහස යටින්ද නැතිවන්නෝයයි කියන්න. Sinhala New Revised Version අහසත්, පොළොවත් නොමැවූ මේ දෙවිවරු මිහි පිටින් ද අහස යටින් ද විනාශ කරනු ලබති යි මාගේ සෙනඟ වන ඔබ ජාතීන්ට කිව යුතු ය. Sinhala New Revised Version 2018 අහසත්, පොළොවත් නොමැවූ මේ දෙවිවරු මිහි පිටින් ද අහස යටින් ද විනාශ කරනු ලබති යි මාගේ සෙනඟ වන ඔබ ජාතීන්ට කිව යුතු ය. |
මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
ඒවා තුළ හුස්ම නැත. ඒවා නිෂ්ඵලකමය, මායාවේ වැඩක්ය. ඒවාට දඬුවම් කරන කාලයේදී ඒවා විනාශවන්නේය.
මමද මිසරයේ දෙවිවරුන්ගේ ගෘහවල ගින්නක් දල්වන්නෙමි; ඔහු ඒවා දවාදමා, රැගෙන ගොස්, එඬේරෙක් තමාගේ ඇඳුම පෙරවාගන්නාක් මෙන් මිසර දේශයේ පෙරවාගෙන, එතැනින් සමාදානයෙන් පිටත්ව යන්නේය.
ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුනු බිඳදමන්නේය; මිසරයේ දෙවිවරුන්ගේ ගෘහද ගින්නෙන් දවන්නේයයි ඔවුන්ට කියන්නැයි කීය.
ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම දේවරූපද නැතිකොට, නොප් වෙතින් පිළිම පහකරන්නෙමි; අධිපතියෙක් මිසර දේශයෙන් තවත් නොනික්මෙන්නේය. තවද මම මිසර දේශයෙහි භයක් හටගන්වන්නෙමි.
ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.
තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔවුන් පසුවදා උදය අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී, දාගොන්ගේ හිසද අත් දෙකද කපාදමා එළිපත්ත උඩ තිබෙනවා දුටුවෝය; දාගොන්ට ඉතුරුව තිබුණේ කඳ පමණක්ය.