ගීතාවලිය 9:18 - Sinhala Revised Old Version මක්නිසාද දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය. Sinhala New Revised Version දිළිඳා හැම දා අමතක නොවනු ඇත. පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත. Sinhala New Revised Version 2018 දිළිඳා හැම දා අමතක නොවනු ඇත. පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත. |
මනුෂ්‍යයන් විසින් සියොන්හිදී ස්වාමීන්ගේ නාමයත් යෙරුසලමේදී උන්වහන්සේගේ ප්‍රශංසාවත් ප්‍රකාශකරන පිණිස,
මක්නිසාද දිළිඳාගේ ආත්මය විනිශ්චය කරන්නන්ගෙන් ගළවන පිණිස උන්වහන්සේ ඔහුගේ දකුණතින් සිටිනසේක.
දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය.
උන්වහන්සේ සෙනඟ අතරෙහි වූ දුප්පතුන් විනිශ්චයකරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගළවන්නේය, පීඩාකරන්නා කැබලිකරන්නේය.
මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.
නුඹේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න; එය නුඹට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය.
එවිට උන්වහන්සේ තමන් ගෝලයන් දෙසට ඇස් ඔසවා කියනසේක්: දිළිඳුවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගේය.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.