ගීතාවලිය 89:7 - Sinhala Revised Old Version උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය. Sinhala New Revised Version සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය. Sinhala New Revised Version 2018 සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය. |
මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක.
ස්වාමිනි, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත; ඔබගේ ක්‍රියාවන්ට සමානවූ ක්‍රියාද නැත.
එහෙයින් නුඹලා දෙවියන්වහන්සේ කාට සමකරන්නහුද? නොහොත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමානකරන්නහුද?
ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක.
මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.
නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.
ජාතීන්ගේ රජ්ජුරුවන්වහන්ස, ඔබට භය නොවන්නේ කවරෙක්ද? මක්නිසාද භයවිය යුත්තේ ඔබටය. කුමක්හෙයින්ද ජාතීන්ගේ සියලු ප්‍රඥාවන්තයන් අතරේද ඔවුන්ගේ සියලුම රාජශ්‍රීයෙහිද ඔබට සමානවූ කිසිවෙක් නැත.
එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.
ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න.