මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.
ගීතාවලිය 89:51 - Sinhala Revised Old Version ස්වාමිනි, ඔබගේ සතුරෝ නින්දා කළෝය. ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ පා සලකුණුවලට නින්දාකළෝය. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ සතුරෝ ඔබේ ආලේප ලත් රජුට අපහාස කරන්නෝ ය; ඔහු යන යන තැන ඔහුට ගරහන්නෝ ය. Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ සතුරෝ ඔබේ ආලේප ලත් රජුට අපහාස කරන්නෝ ය; ඔහු යන යන තැන ඔහුට ගරහන්නෝ ය. |
මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.
දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද? සතුරා ඔබගේ නාමයට සදාකල් අපහාසකරන්නේද?
ස්වාමිනි, අනේ ඔබගේ සියලු ධර්මිෂ්ඨකම් ලෙස ඔබගේ උදහසත් කෝපයත් ඔබගේ ශුද්ධවූ කන්ද වන ඔබගේ නුවරවූ යෙරුසලමෙන් පහවේවා. මක්නිසාද අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා යෙරුසලම සහ ඔබගේ සෙනඟ අප වටකර සිටින සියල්ලන්ට නින්දාවක්වී තිබේ.
නුමුත් ඵරිසිවරු ඒ අසා: මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය.
යුදෙව්වරු උත්තරදෙමින්: නුඹ සමාරියයෙක්ය, නුඹට යක්ෂයෙක් ආවේශවෙලාය කියා අප කියනවා හරි නොවේදැයි උන්වහන්සේට කීවෝය.
එහෙයින් ඔව්හු ඒ නාමය නිසා නින්දා විඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව ගොස්,
එසේ වුණේ නින්දා සහ පීඩා කරණකොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත්, එසේ කරනු ලැබූවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය.
තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය.
නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.