තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද බෙදූසේක; ඔවුන් ඔස්සේ ලුහුබඳවාගෙන ආ තැනැත්තන් ඔබ මහත් ජලයෙහි ගලක් දමන්නාක් මෙන් ගැඹුරට හෙළූසේක.
ගීතාවලිය 74:13 - Sinhala Revised Old Version ඔබ ස්වකීය ශක්තියෙන් මුහුද බෙදූසේක. ඔබ ජලයෙහි මහා සත්වයන්ගේ හිස් බින්දසේක. Sinhala New Revised Version ඔබ සිය සවියෙන් සමුදුර දෙබෑ කළ සේක; මුහුදු සපුන්ගේ හිස් ද පොඩිකළ සේක. Sinhala New Revised Version 2018 ඔබ සිය සවියෙන් සමුදුර දෙබෑ කළ සේක; මුහුදු සපුන්ගේ හිස් ද පොඩිකළ සේක. |
තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද බෙදූසේක; ඔවුන් ඔස්සේ ලුහුබඳවාගෙන ආ තැනැත්තන් ඔබ මහත් ජලයෙහි ගලක් දමන්නාක් මෙන් ගැඹුරට හෙළූසේක.
උන්වහන්සේ මුහුද වියළි බිමක් කළසේක. ඔව්හු ගංගාව මැදින් පයින් ගියෝය. එහිදී අපි උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමුව.
උන්වහන්සේ මුහුද බෙදා ඔවුන් ඒ මැදින් යන්ට සැලැස්වූසේක; උන්වහන්සේ ජලධාරාවන් කන්දක් මෙන් සිටෙවුසේක.
මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය.
ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.
නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.
මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න–නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. නුඹ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය.