ගීතාවලිය 73:4 - Sinhala Revised Old Version මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය. Sinhala New Revised Version ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. Sinhala New Revised Version 2018 ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. |
ඔහු බිහිකළ තැනැත්තී ඔහුව මතක නැතිකරයි; ඔහු පණුවන්ට මිහිරි කෑමක් වන්නේය. ඔහු තවත් සිහි නොවන්නේය. අධර්මිෂ්ඨකමද ගහක් මෙන් කඩා දමනු ලබන්නේය.
ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.
මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්‍රඥාවන්තයාත් නසින හැටි!
මාගේ නිෂ්ඵලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය.
ඔව්හු තරවී දිලිහෙති. එසේය, ඔව්හු අධික ලෙස දුෂ්ටකම් කරති. සඵලවන පිණිස යුක්තිය එනම් පියා නැත්තාගේ කාරණය ඔව්හු නොඅසති; දිළිඳුන්ගේ යුක්තියත් විනිශ්චය නොකරති.
තවද හිඟන්නා නැසී, දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ළැපැත්තට ගෙනයනලද්දේය. ධනවතාත් නැසී, තැන්පත්කරනලද්දේය.