සියලු උවදුරෙන් මා මිදූ දූතයා වන තැනන්වහන්සේ මේ තරුණයන්ට ආශීර්වාදකරනසේක්වා; මාගේ නාමයද මාගේ පියවරුන්වූ ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ නම්ද ඔවුන් කෙරෙහි කියනුලැබේවා; ඔව්හු පොළොව මධ්‍යයෙහි සමූහයක්වෙන සේ වර්ධනයවෙත්වයි කීවේය.
ගීතාවලිය 72:14 - Sinhala Revised Old Version උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුවෙහි අනර්ඝ වන්නේය. Sinhala New Revised Version එතුමා, අයුතු පීඩනයෙන් හා සැහැසිකමෙන් ඔවුන් ගළවන්නේ ය; ඔවුන්ගේ ජීවිත අගය කොට සලකන්නේ ය. Sinhala New Revised Version 2018 එතුමා, අයුතු පීඩනයෙන් හා සැහැසිකමෙන් ඔවුන් ගළවන්නේ ය; ඔවුන්ගේ ජීවිත අගය කොට සලකන්නේ ය. |
සියලු උවදුරෙන් මා මිදූ දූතයා වන තැනන්වහන්සේ මේ තරුණයන්ට ආශීර්වාදකරනසේක්වා; මාගේ නාමයද මාගේ පියවරුන්වූ ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ නම්ද ඔවුන් කෙරෙහි කියනුලැබේවා; ඔව්හු පොළොව මධ්‍යයෙහි සමූහයක්වෙන සේ වර්ධනයවෙත්වයි කීවේය.
ස්වාමීන්වහන්ස, මෙසේ කිරීම මාගෙන් දුරුවේවා. තමුන්ගේ ප්‍රාණය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ රුධිරය බොන්ට යුතුදැයි කියා ඒවා බොන්ට අකැමැතිවුණේය. ඒ බලවන්තයෝ තුන්දෙනා මේ දේවල් කළෝය.
දාවිත්ද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වන රේඛාබ්ටත් ඔහුගේ සහෝදරවූ බානාටත් උත්තර දෙමින්: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම,
උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.
ඒ ස්ත්‍රී ශුද්ධවන්තයන්ගේද යේසුස්වහන්සේගේ වේදසාක්ෂිකයන්ගේද ලෙයින් මත්වී සිටිනවා දුටිමි. මම ඈ දුටු විට මහත් පුදුමයකින් පුදුමවුණෙමි.
මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය.
එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.