Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 23:17 - Sinhala Revised Old Version

17 ස්වාමීන්වහන්ස, මෙසේ කිරීම මාගෙන් දුරුවේවා. තමුන්ගේ ප්‍රාණය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ රුධිරය බොන්ට යුතුදැයි කියා ඒවා බොන්ට අකැමැතිවුණේය. ඒ බලවන්තයෝ තුන්දෙනා මේ දේවල් කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නො‍තකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නො‍බීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නො‍තකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නො‍බීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 23:17
14 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.


අපිත් කුමක්හෙයින් සෑම වේලේම අන්තරායෙහි සිටිමුද?


තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේක බොහෝ දෙනෙකු උදෙසා මා විසින් වගුරුවන ගිවිසුමේ මාගේ ලේය.


මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.


උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුවෙහි අනර්ඝ වන්නේය.


මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වයි නාබොත් ආහබ්ට කීවේය.


යෝවාබ් උත්තරදෙමින්: නැති නාස්ති කිරීම මාගෙන් දුරුවේවා, දුරුවේවා.


මාගේ අත ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වා. එහෙත් ඔහුගේ හිස ළඟ තිබෙන හෙල්ලයත් වතුර භාජනයත් අරගන්න, අපි යමුයයි කීවේය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


සාබුලොන් වනාහි මරණය දක්වා තම ජීවිත උපද්‍රව නොසැලකූ සෙනඟක, නප්තලීද යුද්ධ භූමියේ උස්තැන් පිට එසේමය.


ඔහු: එසේ කිරීම මාගෙන් දුරුවේවා. කුසලාන යමෙකු අතේ තිබී සම්බවීද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නුඹලාගේ පියා වෙතට සමාදානයෙන් යන්නැයි කීවේය.


නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය.


මේ දේ කිරීමෙන් මාගේ දෙවියන්වහන්සේ මා වලක්වනසේක්වා. තමුන්ගේ ජීවිතයට වියහැකි අන්තරාය නොසලකා ගියාවූ මේ මනුෂ්‍යයන්ගේ ලේ මා විසින් බොන්ටද? මක්නිසාද ඔව්හු තමුන්ගේ ජීවිත අන්තරායෙහි තබා මේවා ගෙනාවෝයයි කීය. එහෙයින් ඔහු ඒවා බොන්ට නොකැමැතිවිය. ඒ බලවන්තයන් තුන්දෙනා මේ දේ කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්