ගීතාවලිය 66:16 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශකරන්නෙමි. Sinhala New Revised Version දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි. Sinhala New Revised Version 2018 දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි. |
එව්, දෙවියන්වහන්සේගේ ක්‍රියා බලව්; මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය.
මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි.
දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.
බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක.
මාගේ දිවද දවස මුළුල්ලේම ඔබගේ ධර්මිෂ්ඨකම ගැන කථාකරන්නේය. මක්නිසාද මට අන්තරායකරන්ට සොයන්නෝ ලජ්ජාවටත් වියවුල් භාවයටත් පැමුණුණෝය.
ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකම එළිදරව්කළසේක. එන්න, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ක්‍රියාකිරීම සියොන්හි ප්‍රකාශකරමු.
එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.
(ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය.