මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.
ගීතාවලිය 22:7 - Sinhala Revised Old Version මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති. ඔව්හු තොල් දික්කරමින්, හිස වනමින්: Sinhala New Revised Version සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති; දත නියවා, හිස වනා මෙසේ කියති: Sinhala New Revised Version 2018 සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති; දත නියවා, හිස වනා මෙසේ කියති: |
මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.
ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය. ඔව්හු එක්ව මට විරුද්ධව සම්බන්ධ වෙති.
මටත් නුඹලා වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි නුඹලා සිටියොත්, නුඹලාට විරුද්ධව වචන ගොතා, නුඹලා දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන.
ආඩම්බරයෙන් හා හෙළාදැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උඩඟුලෙස කථා කරන්නාවූ බොරුකියන තොල් නිශ්ශබ්දවේවා.
ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.
ඉශ්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයාද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙක්වූ තැනැත්තාට කථාකොට: විශ්වාසව සිටින්නාවූ, නුඹව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ නිසා රජවරු දැක නැගිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝයයි කියනසේක.
උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළුකරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව.
ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා, බටදණ්ඩක් දකුණතට දී, උන්වහන්සේ ඉදිරියෙහි දණ නමා: යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභසිද්ධවේවයි කියා උන්වහන්සේට කවටකම්කළෝය.
ඔව්හු උන්වහන්සේට සරදම්කළ පසු, රත්නිල් වස්ත්‍රය මුදා උන්වහන්සේගේම වස්ත්‍ර අඳවා, කුරුසියෙහි ඇණගසන පිණිස උන්වහන්සේ පිටතට ගෙනගියෝය.
මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට අපහාසකරමින්: ඔහෝ! දේවමාළිගාව කඩාදමා තුන් දවසකින් ගොඩනගන්නාවු නුඹ,
හෙරොද් තමාගේ හේවායන් සමඟ උන්වහන්සේ සුළුකොට, උන්වහන්සේට සරදම්කොට, දිලිසෙන්නාවූ වස්ත්‍රයක් හඳවා, පිලාත් ළඟට උන්වහන්සේ ආපසු යැවීය.