මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතළ බවත් දාසයන්ද නිර්දාසයන්ද නැතිවී ගිය බවත් ඉශ්‍රායෙල්ට උපකාරකරන කෙනෙක් නැති බවත් ස්වාමීන්වහන්සේ දුටු සේක.
ගීතාවලිය 22:11 - Sinhala Revised Old Version මා කෙරෙන් දුරුනූව මැනව; මක්නිසාද දුක ළඟය; පිහිටවෙන්ට කිසිවෙක් නැත්තේය. Sinhala New Revised Version දුක් කරදර ළඟ ළඟ ඇත. ම වෙතින් ඈත් ව නොගිය මැනව. අන් සරණක් මට නැත. Sinhala New Revised Version 2018 දුක් කරදර ළඟ ළඟ ඇත. ම වෙතින් ඈත් ව නොගිය මැනව. අන් සරණක් මට නැත. |
මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතළ බවත් දාසයන්ද නිර්දාසයන්ද නැතිවී ගිය බවත් ඉශ්‍රායෙල්ට උපකාරකරන කෙනෙක් නැති බවත් ස්වාමීන්වහන්සේ දුටු සේක.
දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුනූව මැනව, මාගේ දෙවියන්වහන්ස, මට උපකාර කරන්ට ඉක්මන්වුව මැනව.
මවු ගැබෙහි පටන් ඔබ මා ඉසුලූසේක. මවු කුසින් මා පිටතට ගත්තේ ඔබය. මාගේ ප්‍රශංසාව නිතරම ඔබ ගැන වන්නේය.
මම බැලීමි, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය; උසුලන්ට කිසිවෙක් නැති බැවින් පුදුමවීමි. ඒ නිසා මාගේම හස්තය මට ගැළවීම ගෙනදුන්නේය; මාගේ කෝපය මා උසුලාගත්තේය.
නුමුත් මේ සියල්ල සිද්ධවූයේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන පිණිසයයි කීසේක. එවිට ගෝලයන් සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය.
එවිට ඔහු: ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස්තිබාගන්ටද දිවුරන්ටද පටන් ගත්තේය. එකෙණෙහිම කුකුළා හඬලීය.
නුඹලා දැන් විශ්වාසකරවුද? බලව, නුඹලා එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස්, මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය; එසේය, දැනටම පැමිණ තිබේ. එසේවී නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි.
එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.
උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,