Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 35:22 - Sinhala Revised Old Version

22 ස්වාමිනි, ඔබ එය දුටුසේක, නිශ්ශබ්ද නූව මැනව. ස්වාමිනි, මා කෙරෙන් ඈත් නූව මැනව;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 සමිඳුනි, ඔබ එය දුටු සේක. නිහඬ ව නොසිටිය මැනව. මා වෙතින් ඈත් ව නොගිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 සමිඳුනි, ඔබ එය දුටු සේක. නිහඬ ව නොසිටිය මැනව. මා වෙතින් ඈත් ව නොගිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 35:22
14 හුවමාරු යොමු  

ස්වාමිනි, ඔබ කුමට දුරුව සිටිනසේක්ද? විපත්ති කාලවලදී කුමට සැඟවී සිටිනසේක්ද?


තවද ස්වාමීන්වහන්සේ කථාකොට: මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි, ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; මක්නිසාද ඔවුන්ගේ දුක් දනිමි;


ස්වාමිනි, ඔබට හඬගසන්නෙමි; මාගේ පර්වතයාණෙනි මට කන් නොදී නොසිටිය මැනව. ඔබ නිශ්ශබ්දවූසේක්නම්, වළට බසින්නන් හා සමාන වන්නෙමි.


දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුනූව මැනව, මාගේ දෙවියන්වහන්ස, මට උපකාර කරන්ට ඉක්මන්වුව මැනව.


ස්වාමිනි, මා අත් නෑරිය මැනව. මාගේ දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුව නොසිටිය මැනව.


මා කෙරෙන් දුරුනූව මැනව; මක්නිසාද දුක ළඟය; පිහිටවෙන්ට කිසිවෙක් නැත්තේය.


බලව, ඒක මා ඉදිරියෙහි ලියා තිබේ. මම විපාක දෙනතුරු නිශ්ශබ්දව නොසිටිමි.


දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; දෙවියන්වහන්ස, කථා නොකර නොසිටිය මැනව, නිශ්චලනූව මැනව.


මේවා නුඹ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් නුඹට සමානයයි සිතුයෙහිය. එහෙත් නුඹට තරවටුකරන්නෙමි, නුඹේ ඇස් හමුවෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.


ස්වාමිනි, මාගේ යාච්ඤාව අසා, මාගේ මොරගැසීමට කන්දුන මැනව; මාගේ කඳුළු දැක නිශ්ශබ්ද නූව මැනව. මක්නිසාද මම ඔබ ඉදිරියෙහි විදේශියෙක්ද මාගේ පියවරුන් මෙන් මාර්ගිකයෙක්ද වෙමි.


නුමුත්, ස්වාමිනි, ඔබ දුරුනූව මැනව. මාගේ බලය වන ඔබ, මට පිහිට වෙන්ට ඉක්මන්වුව මැනව.


මිසරයෙහි වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින් දුටිමි, ඔවුන්ගේ සුසුම්ලෑම අසා, ඔවුන් ගළවන පිණිස බැස්සෙමි. ඉතින් එන්න, නුඹ මිසරයට යවන්නෙමියි කීසේක.


ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.


බොහෝ ගොන්නු මා වටකර සිටිති. බාෂාන්හි සවි ඇති ගොන්නු මා වටලා සිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්