නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.
ගීතාවලිය 147:14 - Sinhala Revised Old Version නුඹේ සීමා තුළ සමාදානය සිදුකරනසේක. ඉතා උතුම් ගෝධුමයෙන් නුඹ පුරවන සේක. Sinhala New Revised Version තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක. Sinhala New Revised Version 2018 තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක. |
නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.
නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්,
සියොනේ ආහාරයට බොහෝසෙයින් ආශීර්වාදකරන්නෙමි. එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.
ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.
උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක. පර්වතයෙන් ගත් මීපැණියෙන් මම නුඹ තෘප්තියට පමුණුවන්නෙමි.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි, නුඹලා එයින් උරා බොන්නහුය; උකුළේ ගෙනයනු ලබන්නහුය, දෙදණ පිට සුරතල්කරනු ලබන්නහුය.
මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහිය; නුඹේ වස්ත්‍රද සිහින් හණ රෙදිත් පට සහ විසිතුරු රෙදිත්ය; නුඹ සිහින් පිටිද මීපැණිද තෙල්ද කෑවෙහිය. නුඹ අතිශයින්ම ලක්ෂණවී, රාජ්‍යයක් වෙන හැටියට වර්ධනයවූවෙහිය.
යූදාවරුද ඉශ්‍රායෙල් දේශයේ මනුෂ්‍යයෝද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මින්නිත්හි තිරිඟු, පන්නග්, මීපැණි, තෙල්, ගුගුල් යන මේවායින් ගනුදෙනුකළෝය.
නුඹලා නිදාගන්න කල කිසිවෙක් නුඹලා භය නොගන්වන ලෙස දේශයෙහි සමාදානය දෙන්නෙමි. දේශයෙන් චණ්ඩ මෘගයන් පහකරන්නෙමි, කඩුවද නුඹලාගේ දේශය මැදින් නොයන්නේය.
මම සේනාව නිසා කිසිවෙකුට යන්ටවත් එන්ටවත් නොලැබෙන ලෙස මාගේ ගෘහය අවටින් අන්දායම් බැඳගන සිටින්නෙමි. පීඩාකරන්නෙක් තවත් ඔවුන් මැදින් නොයන්නේය. මක්නිසාද දැන් මාගේ ඇසින්ම දුටිමි.
දීකිරිවලින් සහ බැටළු කිරිවලින්ද බැටළුපැටවුන්ගෙත් බාෂාන්හි බැටළුවන්ගෙත් එළුවන්ගෙත් තෙලින්ද තිරිඟු ඇටවල තරකමින්ද ඔහු පෝෂණය කළසේක; මුද්‍රික ඵලවල ලේ වන පානයද නුඹ බීවෙහිය.